සජිත්ගේ ආණ්ඩුවේ අගමැති තමන් බව රනිල් අද කියයි


සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ විට එම ආණ්ඩුවේ අගමැති ලෙස කටයුතු කරන්නේ තමන් බව අගමැති රනිල් වික්‍රමසිංහ අද (30) අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.


ලබන වසරේ සිට මෙරට ආර්ථිකයේ වෙනස්කම් සිදුකරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේද ? යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ, ''ඔව්'' යන්නයි. 

ඔබගේ නායකත්වය යටතේද ? යනුවෙන් මාධ්‍යවේදියා විමසූ විට අගමැතිවරයා පැවසුවේ,

''අගමැති හැටියට. ජනාධිපති සජිත් ප්‍රේමදාස.'' යන්නයි.