''ගෝඨා ගෙවල් 8000ට කොන්ත්‍රාත් ගත්තු හැටි කියන්න‘‘ - පාඨලී


ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිවාස අට දහසක් ඉදිකිරිම සදහා කොන්ත්‍රාත් අටක් ලබා දුන් ටෙන්ඩර් පටිපාටිය හෙළි කරන ලෙස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා (24) මාතර වැලිගමදී පැවති මෙගා මයින්ඩ් වැඩසටහනේදී ප්‍රකාශ කළේය.

‘‘ගෝඨාභය රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියේ ලබා දී තිබු කොන්ත්‍රාත් අටක් අප නතර කළා. ඔහු ගෙවල් අටදාහක් හදන්න කොන්ත්‍රාත් අටක් ලබාදීලා තිබුණේ කිසිම ටෙන්ඩර් පටිපාටියක් නොමැතිව. තමන්ගේ හිතවත් විදේශිය සමාගම් වලට තමයි දීලා තිබුණේ. අපි විධිමත් ටෙන්ටර් පටිපාටියකින් ඒ ජනතාවට නිවාස ඉදිකර දුන්නා.

එතුමාගේ කාලේ නාගරික සංවර්ධන අධිකාරියේ රජයේ කොටස සෘන ව තිබුණේ. 2010 දැඩි පසුබෑමකට ලක්ව තිබුණේ. 2017 වන විට අපි එය ගොඩ ගත්තා. බිලියන 39ක් ණය ලෙස තිබු ආයතනයක් අපි ගොඩගත්තා. රාජපක්ෂ සහෝදරවරු ධන නාස්ති කළා. ඔවුන් හදපු එක රාජ්‍යය ආයතනයක් නැහැ. ධන කාබා සිනියාකාරයෝ පිරිසක් ,වරිග ආර්ථිකයක් ගෙන යන්න මේ පිරිස පොරකමින් සිටින බව‘ ද මෙහිදී ඔහු තවදුරටත් පෙන්වා දුන්නයේ.