''2020 ආණ්ඩුව හදන්නේ අපි'' - ජනපති





''අපේ ප්‍රතිපත්ති තුළ දර්ශනය තුළ 2020 ආණ්ඩුව හදන්නේ අපි. ඒකට ලෑස්ති වෙන්න. අපි අපේ ශක්තිය පෙන්වමු.'' යනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ සහය හිමිවන්නේ කාටදැයි යන්න ගැන පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර නිමාවට පත්වූ ශ්‍රීලනිප සංවත්සර සමුළුවේදී පැවසුවේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ, 

''ශ්‍රීලනිපයට අවුරුදු 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ ශක්තියෙන්, යෝධ ජවයකින් පක්ෂය ගොඩනගලා දේශපාලන පරිවර්තනයක් කරලා 2020 අපි තමුන්නාන්සේලාට ඕන විදියට ආණ්ඩුවක් හදමු. ජය වේවා'' යන්නයි.


මේ අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහභාගී වී සිටීම ද විශේෂත්වයකි.