අද දවසේ පෙරට යන හෙට දවසේ අපේ දුම්රිය




මෙරට දුම්රිය සේවාවේ යෝධ සංවර්ධනයකට මුල පුරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 161ක් ලබා දෙයි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් මිලියන 28 980කි. එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනක් ආපසු නොගෙවන ප්‍රදානයක් වේ. ඉතිරි අමෙරිකානු ඩොලර් මිලියන 160 වසර අටක ණය ආපසු ගෙවීමේ සහන සීමාවක් සමඟ සියයට 0.5 (+ LIBOR) ක පොලියකට ලබා දෙයි. මෙම සමස්ත මුදල ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ගිවිසුම් අත්සන් තැබීම අද සිදුවේ. 

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට, මහාමාර්ග පුළුල්කර සංවර්ධනය කිරීමෙන් පමණක් විසදුම් නොලැබෙන බැවින්, මගී ජනතාවගේ ප්‍ර‍වාහන පහසුකම් සපුරාලීම සදහා ලබාදිය හැකි තිරසර, ලාභදායී හා පරිසර හිතකාමී විසදුම් ලෙස දුම්රිය හා ප්‍ර‍වාහන සේවය සංවර්ධනය කළ යුතු බවට වත්මන් රජය විසින් 2015 වසරේදී ගත් තීරණයකට අනුව ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්ව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ලෙස නව දුම්රිය ව්‍යාපෘතියක් 2016 ජුලි මස දී ආරම්භ කිරීම සිදුවිය. දෛනිකව මාර්ග තදබදය නිසා අපහසුතාවට ජනතාවට මින් මහත් ප්‍රතිලාභ අත්වනු ඇත.