ශවේන්ද්‍රගේ පත්වීම ඇමරිකාව හෙළා දකියි


නව යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රශ්න කර සිටින අතර ලංකාවේ කීර්තිනාමය හා යුක්තිය, වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් මෙමගින් හෑල්ලුවට ලක්කරන බව පවසයි. 

ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද කාර්යාලය මේ සම්බන්ධයෙන් අද (19) දින නිකුත් කරන ලද නිවේදනයේ දක්වන්නේ,

''ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත්කිරීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහි මවානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වාසනීය වේ. 

විශේෂයෙන්ම සංහිඳියාව හා සමාජ සමගිය සඳහා වන අවශ්‍යතාවය අතිශයින් වැදගත් වන අවස්ථාවක, මෙම පත්වීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිනාමය සහ යුක්තිය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලූවට ලක්කරයි.''