ලඩක් වෙනම ප්‍රාන්තයක් කිරීම ගැන අගමැතිගේ ප්‍රසාදය



ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් ගත් පියවර සම්බන්ධයෙන් අගමැති  රනිල් වික්‍රමසිංහ ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ ලඩක් ප්‍රාන්තයේ සියයට හැත්තෑවක බෞද්ධ ජනගහණයක් වෙසෙන නිසා, ඉන්දීය රජය ගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බවය.

තමන් ලඩක් ප්‍රදේශයේ සංචාරය කර ඇති බැවින්, එහි සුන්දරත්වය හොදින් අත් විඳ ඇති බව පවසන අගමැතිවරයා එය සංචාරය කිරීමට සුදුසු සොඳුරු පළාතක් බව ද සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.