හදිසි නීතිය දීර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපායි



ජාතික තවුහිද් ජමාත් සංවිධානය (NTJ), ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් (JMI) සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන සමග කියවිය යුතු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධි විධාන) 27 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව, 2019 මැයි 13 දිනැති අංක 2123/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2019-05-21 දින ඉදිරිපත් කරන ලද නියෝග යටතේය.

එබැවින් හදිසි නීතිය දීර්ඝ නොකිරීම මෙම සංවිධාන තහනමට බල නොපායි.