ගිනිගන්නා ඇමසන් වනය ගැන කතාකරන අප ජල සම්පත මෙන්ම ගහකොළ, සතා සිවුපාවුන් තුරන් වී නොයන්නට සිදුකරන්නේ කුමක්ද ?. ඒ වෙනුවෙන් මතු පරම්පරාවට කියාදෙන්නට අවශ්‍ය ආකල්පමය වෙනස ඇතිකරන්නේ කෙසේද ?. 'නීල සංධ්වනිය', සොබාදහමේ අපූර්වත්වය කියාදෙන, ගහකොළට ආදරය කරන්නට කියාදෙන ප්‍රාසාංගික අත්දැකීමකි. සාගර විජේසිංහගේ සංගීත නිර්මාණයක් වන 'නීල සංධ්වනිය', 'ඔපෙරා පාර්ක් පදනම' විසින් සංවිධානය කරන අතර මෙය එළඹෙන අගෝස්තු 31 වැනි සෙනසුරාදා පස්වරු. 3. 00 ට අල්ගම ඇල්ලේදී දියත්වීමට නියමිතය.
මෙරට සමාජයට 'නීල සංධ්වනිය' වැනි නිර්මාණ වඩ වඩාත් අවශ්‍ය ඇයිදැයි යන්න ගැන පැහැදිලි කරන සාගර විජේසිංහ පවසන්නේ මෙවැනි අදහසකි.
'නීල සංධ්වනිය' අවශ්‍ය ඇයි ?
''ලාංකීය සමාජයේ නීල සංධ්වනියක සංකල්පමය අවශ්‍යතාව
දැඩිව බලපෑම එය කලාත්මක වශයෙන් ප්‍රබල ස්ථානගතවීමකට හේතුවිය. නූතනයේ අප ජීවත්වන්නේ
ඉතා තරඟකාරී කාර්යබහුල සමාජයක නීල සංධ්වනිය තුළින් නූතන ප්‍රේක්ෂකයාට හෝරා දෙකක්
තුළ කායික හා මානසික සන්සුන් බවකට ආරාධනා කරනවා.
එම ලබන අපූර්ව අත්දැකීම ප්‍රේක්ෂකයාගේ මුළු ජීවිත
කාලය පුරාවටම අමතන නොවන සුවිශේෂී සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත්කිරීමයි නීල සංධ්වනියේ අරමුණ පරිභෝජනවාදී ආර්ථික රටාවක් තුළ පරිසරිය විශාල තර්ජනයකට
මුහුණපාමින් සිටින යුගයක නීල සංධ්වනිය තුළින් සුන්දර පරිසරයක් රැකගැනීමේ වටිනාකම
සංගීතමය රසභාවයන් ප්‍රේක්ෂක මනසේ තැන්පත් කිරීමට හැකිවීම ගැන ඇත්තේ සතුටකි. එය
වඩාත් උද්දීපනය කිරීමට මෙම ප්‍රසංග මාලාව පවත්වනු ලැබූයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර
එළිමහන් පරිසර තුළ ඉලෙක්ට්‍රොනික ශබ්ද උපකරණ වලින් තොරවය. කිසිදා කිසිවකු බලාපොරොත්තු
නොවන ස්ථානයක පැවැත්වුණු නීල සංධ්වනිය වාර හයක් මේ වනවිට ප්‍රාසාංගික අත්දැකීමක්
බවට පත්කර ඇත.
'නීල සංධ්වනිය' සජීවි වාද්‍ය වෘන්ද ප්‍රසංගයක්
සංගීතමය වශයෙන් නීල සංධ්වනිය වෙනස් තැනක ස්ථානගත
වන්නේ එහි ඇති ආකෘතිමය ස්වභාවයේ සුවිශේෂත්වයයි. නිරන්තරයෙන් ඕනෑවටත් වඩා ගීත, මාධ්‍ය
මගින් බලෙන් ශ්‍රවණය කරවන යුගයක කිසිදු ගීත ගායනාවකින් තොරව ශ්‍රාවකයා තෘප්තිමත්
කරන සජීවි වාද්‍ය වෘන්දයක් ප්‍රසංගයක් වන මෙය පරිසරය හා සංගීතය අතර ඇති සබැඳියාව
අර්ථ ගන්වයි. ජනප්‍රිය ගායක ගායිකාවන් නොමැතිව වර්තමානයේ සංගීතය ප්‍රසංගයක් සාර්ථක
කරගත හැකිද යන්න විශාල අභියෝගයකි.
සෑමවිටම පහසුව බලාපොරොත්තු වන ප්‍රේක්ෂකයා විශේෂ සූදානමකින්
දුර කතර ගෙවා පැමිණිය යුතු ගමන් මාර්ගයක හුදකලා තැනක පවත්වන ප්‍රසංගයකට ප්‍රේක්ෂකයින්
ගෙන්වා ගැනීම ද එම දුෂ්කර ස්ථාන වලට ග්‍රෑන්ඩ් පියානෝවක් වැනි සංගීත ලෝකයේ බරින්
වැඩිම සංගීත භාණ්ඩයක් රැගෙන යාම ද අභියෝගයකි. සොබාදහමේ සුන්දරත්වය විඳිමින් විවෘත
අවකාශයක් තුළ අව්, වැසි ආදිය මගහරිමින් නීල සංධ්වනිය ප්‍රසංගයක් සාර්ථකව ඉදිරිපත්
කිරීම ද සිදුවන්නේ ඕනෑම බාධකයක් හමුවේ සොබාදහමට අවනත වෙමිනි.
සංගීතමය හැකියාව මිනිත්තු 3-4 කට කොටු කරන්නේ ඇයි ?
ගීතය මුල්කරගත් ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ගායකයාගේ
සිවිල් බලය පද රචකයාටත් සංගීත නිර්මාණ ශිල්පියාටත්, වාදකයාටත් සාපේක්ෂ්ව අධි
නිෂ්චයවීමක් දක්නට ලැබේ. නෛතිකව ගීතයක් පද රචකයාටත්, තනු රචකයාටත් වැඩි අයිතියක් තිබුණත්
සාමාන්‍ය ව්‍යවහාරයේ ගීතය නම් කරන්නේම අසවලාගේ ගීතය යනුවෙන් ගායකයාගේ නමිනි. ලංකාවේ
බොහොමයක් සංගීතඥයන්ද ඊට රුකුල් දෙමින් තමන්ගේ දැවැන්ත සංගීතමය හැකියාව මිනිත්තු 3 –
4ක ගීතයකට පූජා කරමින් සිටිති. සංගීතඥයින් පරම සංගීතයක් වෙනුවෙන් පෙනී සිටිය
යුතුය. භාෂාවකට හිරවී නිර්මාණයක යෙදෙනවාට වඩා සංගීතඥයෙකුට සංගීත ස්වර වලින් පමණක්
මුළු සමාජයක්ම විශ්වයට පත්කළ හැකිය. එය ජාතිභේදයෙන් ඔබ්බට ගිය නිදහස් කලාත්මක අවකාශයකි.
සංගීතය යනු ලෝකයේ මානවයා ලැබූ පොදු ජයග්‍රහණයකි. එහි රුව ගුණ රසවිඳීමට ජාතිකත්වය
ප්‍රශ්නයක් කරගත යුතු නැත. හරිත සංධ්වනිය හැමවිටම මෙම තේමාවේ රැඳී සිටියි. දේශීය මෙන්ම
විදේශීය ප්‍රේක්ෂක සහභාගීත්වයක් ද ලැබීමට හරිත සංධ්වනියට වරම් ලැබෙන්නේ එබැවිනි. මෙය
වාදකයන්ගේ සූක්ෂ්ම සංගීත භාවිතාවක් ප්‍රේක්ෂකයාට හමුවන ගෙනෙනා අවස්ථාවකි.
නිහඬතාව ගැන කතාකරමු
එමෙන්ම, ලාංකීය සමාජය තුළ නීල සංධ්වනිය මගහැරයාමට නොහැකි වී ඇත්තේ ‘ගොඩනංවන ලද නිහඬතාවට’ (Constructed Silence) මුල්
තැන දෙන බැවිනි. මුළු ලංකාවට හඬ ගැන කතාකරන විට මෙම ප්‍රකාශය නිහඬතාව ගැන කතාකරයි.
මුළු ලංකාවම ගීතය ගැන කතාකරන විට මෙම ප්‍රසංගය සංගීතය ගැන කතාකරයි. නීල සංධ්වනියේ දාර්ශනික ගැඹුර ලෙස මා දකින්නේ ඉහත සඳහන් කළ නිර්මාණාත්මකව ගොඩනංවන ලද නිහඬතාවයි.
එම ශ්‍රවණය කළ හැකි නිහඬතාවයකි. මෙහි ස්වභාව සෞන්දර්යෙන් අනූන මානවයා විසින් උපදවන
කෘතිම ශබ්ද වලින් තොර නිශ්ශබ්දතාවට ඉතා ආසන්න පරිසරය නැමති කැන්වසය තුළ සංගීතමය රේඛා
නැමති පින්සල් පහර හරඹ කරන අවස්ථාවක් ප්‍රේක්ෂකයා අත්පත් කරගනී.
පරිසරය තේමා කරගත් මෙම නිර්මාණය දේශීය හා විදේශීය
සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසාා ද යොදාගත හැක.
'හරිත සංධ්වනිය'
Post a Comment