''ලංකාවේ ඇමරිකානු කඳවුරක් හදන්නේ නැහැ'' - ඇලෙයිනා ටෙප්ලිට්ස්


සෝෆා ගිවිසුම මගින් මෙරට තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ කිසිදු සැලැස්මක් නැති බව සිය නිළ ට්වීටර් ගිණුමට පණිවිඩයක් එක්කර මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් පවසයි. 

මෙහිදී ඇය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ''මේවා වැරදි තොරතුරු. ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කරන්න කිසිදු සැලසුමක් හෝ වුවමනාවක් නැහැ. මේ වෙද්දි සාකච්ඡා පැවැත්වෙන මේ යෝජිත ගිවිසුමේ එකම අරමුණ සහයෝගීතාවය සැපයීම පමණයි. එමෙන්ම, ලංකාවේ ස්වෛරීත්වයට සම්පූර්ණයෙන් ගරු කරනවා'' යන්නයි.