අභිනව සිංහාධිපති අද මෙරටට


306 C 1 සිංහ දිස්ත්‍රික්කයේ අභිනව සිංහාධිපති ලෙස ජාත්‍යන්තර සිංහ සංවිධානයේ සිංහාධිපති ඉදිරියේ දිවුරුම් දී සිංහ මහින්ද පෙරේරා අද  දින (17) නැවත ශ්‍රී ලංකාවට පැමිණේ. 

ජාත්‍යන්තර සිංහ සංවිධානය යනු ලෝකයේ ඇති විශාලතම සේවා සංවිධානයයි. වර්ෂ 1917 දී ආරම්භ කර ශත වර්ෂාධික කාලයක් අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය ආසනයක් හිමි එකම ස්වේච්ඡා සංවිධානයයි. ‘අපි සේවය කරමු’ යන තේමාව යටතේ ඉදිරිපත් වූ මිලියන 1.45 ක සාමාජිකත්වයකින් සිංහ සංවිධානය ශක්තිමත් වේ. සේවය අවශ්‍ය ජනතාවට සේවය කිරීමේ පරම අභිලාශයෙන් සංවිධානය වූ සිංහ සමාජ 47,000 කින් සමන්විත වේ. රටවල් 210 පුරා පැතිරී ඇති ජාත්‍යන්තර සිංහ සංවිධානය දිස්ත්‍රික්ක 500කට පමණ වෙන් කොට පාලනය කරනු ලබන අතර ශ්‍රී ලංකාව සිංහ දිස්ත්‍රික් 6 කින් සමන්විත වේ. ඒ අතරන් 306 C 1 දිස්ත්‍රික්කය සිංහ සමාජ 96 න් හා සිංහ සාමාජිකයින් 2,800 න් සමන්විත වේ.

306 C 1 සිංහ දිස්ත්‍රික්කයේ 2019-2020 වසර සඳහා අභිනවයෙන් තේරී පත්වූ සිංහ මහින්ද පෙරේරා සිංහාධිපතිවරයා “සේවාතත්වය”, “සාමාජිකත්වය”, “නායකත්වය” සහ “සුහදත්වය” නම් වූ සිව්වැදෑරුම් තේමාවක් යටතේ, සේවය අවශ්‍ය ජනතාව සඳහා සේවා සැපයීමට ඉත සිතින් සුදානම්ව සිටී.

මෙම සිව්වැදෑරුම් තේමාවන් යටතේ සේවා සැපයීම සඳහා මතු දැක්වෙන පරිදි ප්‍රධාන වැඩසටහන් 10ක් හඳුන්වා දී තිබේ.

සිංහ උරුම ව්‍යාපෘති 103 ක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන

ජාත්‍යන්තර සිංහ සංවිධානය විසින් මෙම වර්ෂය සඳහා හඳුන්වා දුන් ප්‍රධාන සේවා අංශ 5 වූ, දියවැඩියාව වැලැක්වීම, දෘෂ්‍යාබාධ ඇති අයට පෙනීම ලබාදීම, පරිසරය සුරැකීම, බඩගින්න දුරලීම, හා ළමා පිළිකා අවම කිරීම යන තේමා යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන

- සිංහ සංවිධාන ප්‍රතිරූපය වර්ධනය කිරීමේ වැඩසටහන

- පුද්ගලික සමාගම් සමග එක් වී සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන

- ආපදා කළමණාකරණය හා අපදා සඳහා පෙර සූදානම වැඩසටහන

- දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙනුවෙන් වූ සිංහ නෑගම් වැටසටහන

- අසාධාරණයට ලක් වූ ළමා, තරුණ, කාන්තා හා වැඩිහිටි යන කණ්ඩායම් සඳහා වූ වැඩසටහන

- ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සමග එක්ව ක්‍රියාත්මක කරන ‘අපේ ගමට සිංහ සවිය’ වැඩසටහන

- ජාතික සහ ආගමික සහජීවනය වර්ධනය කිරීමේ වැඩසටහන

- පාරිභෝගික ආරක්ෂාව, සිවිල් නීතිය, වැනි ජනතාවට බලපාන පොදු නිති පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන


සිංහ සංවිධානයේ සාමාජිකත්වය හිමි කර ගැනීමට සුදුසුකම් ඇති අයවලුන් හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සිංහාධිපතිතුමා සැලසුම් කර ඇති අතර මෙම වසරේදී මෙම සිංහ දිස්ත්‍රික්කයට නව සාමාජිකයන් 500 ක් පමණ එකතු කර ගැනීමට බලාපොරොත්තු වේ. සිංහ සාමාජිකයින් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. ඊට අමතරව සිංහ සාමාජිකයින් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා වැඩසහන් රාශියක් සංවිධානය කර ඇත.

2017 ජූලි මස 20 දින රත්මලාන ස්ටයිම් ශාළාවේ දී පැවැත්වෙන සිංහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව සිංහාධිපති මහින්ද පෙරේරා මැතිතුමාගේ නායකත්වයෙන් 306 C 1 දිස්ත්‍රික්කය 2019-2020 වර්ෂයේ කාර්යයන් ඇරඹීමට නියමිතය