යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙරටට


යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් හා අගමැතිතුමා අතර නිළ නොවන විශේෂ හමුවක් ඊයේ (15) පැවැත්වුණි. යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දනය පිළිබඳ සම්බන්ධීකාරක ගිල්ස් ඩි කර්චොව් හා EEAS හි ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානී ජෝන් ගැට් රැටර් හා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් අහමඩ් ඒ. ජාවේඩ් මීට දායක විය. 


යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ, ජනපති මෛත්‍රීපාල සිරිසේන හා විදේශ කටයුතු ඇමති තිලක් මාරපන ද මුණගැසී සාකච්ඡා පැවැත්වූූවේය.