ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දියාවේ සංචාරයකින් පසු ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (10) නිවේදනය කළේය.
ඔහු එළඹෙන ජූනි 24 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරතවන අතර එහිදී ඉන්දීය අගමැතිවරයා හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව මෙරටට පැමිණීමට නියමිතය.
මේ ගැන අදහස් පළකල ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඔර්ටේගස් රාවොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කළේ,
''ඉන්දීය සංචාරයෙන් පසු රාජ්‍ය ලේකම්වරයාගේ මීළඟ නැවතුම්පොළ වන්නේ ශ්‍රී ලංකාවයි. එහිදී ඔහු පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ නින්දිත ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ඇමරිකාවේ සහෝදරත්වය ශ්‍රී ලාංකීය ජනතාව වෙත පිරිනැමීමට සූදානම්. එමෙන්ම, නිදහස් හා විවෘත ඉන්දු - පැසිෆික් කලාපයක් සඳහා වන ඇමරිකානු කැපවීම පදනම් කර ගත් ඇමරිකානු - ශ්‍රී ලංකා සහයෝගීතාව තුළින් ඇති වන අවස්ථා පිළිබඳව ද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවේදී සාකච්ඡාවල නිරත වනු ඇත” යන්නයි.
.@StateDeptSpox: @SecPompeo will travel to India, Sri Lanka, Japan, and the Republic of Korea on June 24-30. pic.twitter.com/RF2TpljyWS— Department of State (@StateDept) June 10, 2019
Post a Comment