ආණ්ඩුවෙන් ගිය මුස්ලිම් ඇමතිවරු මල්වතු - අස්ගිරි හිමිවරු හමුවේ


මල්වතු සහ අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලා හමුවී රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ ඇමතිවරු වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් ඇතුළු පිරිස අද (11) කටයුතු කළහ.

අමාත්‍ය ධුරවලින් ඉවත්වීමට හේතුවූ කරුණු පිළිබඳව, මහනායක ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කිරීම මෙහිදී සිදුවූ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඒ.එච්.එම්. ෆවුසි, එම්, හලීම්, ෆයිසර් මුස්තාෆා, අමීර් අලී, අබ්දුල්ලා මහරුෆ්, ඉෂාක් රහුමාන්, අලි සහීර් මව්ලානා, ඉස්මයිල්, එම්.එස්. තවුෆික් ඇතුළු පිරිස ද එක්විය.

මෙහි දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයන්ය.