ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යයන කටයුතු ඇරඹේ


ශ්‍රී ලංකා පදනම් ආයතනය මගින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සිනමා පාසලේ සමාරම්භක උත්සවය පසුගියදා සිදුවිය. ශ්‍රී ලංකා සිනමා පාසලේ අධ්‍යක්ෂ ලෙස ජාත්‍යන්තර සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර කටයුතු කරයි. සිනමා පාසලේ අධ්‍යයන කටයුතු හා එහි කාර්යභාරය පිලිබඳ මෙදින හැඳින්වීමක් සිදුවූ අතර 
එහිදී සිනමා පාසලේ නිල වෙබ් අඩවිය ද එළිදැක්වුණි. 

මේ අවස්ථාවට රංගන ශිල්පීන් වන රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනි මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල, පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ ඇතුළු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක්වී සිටිහය.  

 සිනමා පාසලේ අධ්‍යයන කටයුතු පසුගිය සෙනසුරාදා (8) දින ආරම්භ විය. 

මෙහි දැක්වෙන්නේ සමාරම්භක අවස්ථාවේ ඡායාරූපයන්ය.