මහින්ද හා රනිල් අතර හමුවක්


අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (3) උදෑසන දී අරලියගහ මැඳුරේදී පැවැත්වුණි. මේ අවස්ථාවට

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එක්ව සිටියහ.


 මුදල් අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හා මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් ද එක්වී සිටියේය. 






මේ ගැන සිය ට්වීටර් ගිණුමට පණිවිඩයක් එක්කළ හර්ෂ ද සිල්වා පවසන්නේ, ආර්ථික ක්ෂේත්‍රය ගැන මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි.