''මේ රට දේශපාලඥයින්ගේ බූදලයක් නෙමේ'' - කාදිනල්තුමා


මාරාන්තික උපවාසයේ යෙදෙන අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට අද (3) උදෑසන කාදිනල්තුමා දළදා මාළිගාව අභිසයට ගිය කාදිනල්තුමා පැවසුවේ මෙම රට ජනතාවගේ බවත් ඔවුන්ගේ කැමැත්ත විමසීමකින් තොරව පාලනයින්ට තීරණ ගත නොහැකි බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කවුදැයි යන්න තවමත් හෙළිදරව් නොවූවද රතන හිමියන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනපතිතුමා නිසි තීරණයක් ගතයුතු බවයි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල්තුමා පැවසුවේ, 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට තවමත් සාධාරණය ඉටුවී නැහැ 

''මේ අවස්ථාවේදී  අපි මෙතැනට පැමිණියේ එදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ සෙනගගේ අයිතිවාසිකම් වලට පෙනී සිටින්න. එදා ඒ සිද්ධියෙන් පස්සේ මේ අපේ හාමුදුරුවන්වහන්සේ ඒ  සිද්ධියට අදාළ සැබෑ තතු හොයාගෙන තමයි මේ උපවාසය ආරම්භ කරලා තියෙන්නේ, මේක පිටිපස්සේ ඉන්නේ කවුද ?, මේ බෝම්බ සිද්ධියට අනුග්‍රහය දැක්වූවේ කවුද ?, අනුබල දුන්නේ කවුද ? කියන එක ගැන සත්‍ය තාම අපිට එළිදරව් වෙලා නැහැ.

ඒ බෝ්ම්බ සිද්ධියෙන් මියගිය හා තුවාලයට පත්වෙච්ච පවුල් වල අය, ඔවුන් වෙත ඉෂ්ඨවිය යුතු සාධාරණය ඉෂ්ඨ වෙලයි කියලා තාම හිතන්නේ නැහැ. ඒ මොකද දැන් ඇතැම් නිළධාරීන් පස්සේ යාමේ ප්‍රවණතාවයක් පටන් අරන් තියෙනවා. පොලිස්පතිතුමා, ලේකම්තුමා, ඒ වුණාට මේවා මේ සංස්කෘතිය, ආගම්  අතර තියෙන සුහදතාවය, ඒ බිය ඉස්ලාම් ජාතිකයින් අතර ඇතිකරලා, ඒකට අනුබල දීලා, ඒවා ඉස්මතු වෙන්නට ඉඩදීලා මේ ප්‍රහාරයට වක්‍රව සම්බන්ධ වුණේ කවුද කියලා තාම විග්‍රහයක් කරලා නැහැ. 

ජනපති-අගමැති නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතුයි 

ඒ ගැන පරීක්ෂණ පවත්වලා නැහැ. ඒ නිසා මේ පිටිපස්සේ ඉන්න අය ගැන විශේෂයෙන් සෙවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. තාමත් එවැනි දෙයක් කරලා නැති නිසා අපිට සත්‍ය වැටහෙන්නේ නැහැ. ඒ වාතාවරණය තුළ තමයි අපේ මේ රතන හාමුදුරුවෝ මේ ඇතැම් පුද්ගලයන් තමන්ගේ තනතුරු නොමනා විදියට පාවිච්චි කරමින් මේ වගේ වැඩ වලට සහය දුන්නා කියන එක ගැන යම්කිසි කරුණු පදනම් කරගෙන තමයි ඒ අයට අයින් වෙන්න කියලා කියලා තියෙන්නේ, ඒ නිසා රජය, ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ ගැන හරියාකාර පරීක්ෂණ කරලා මේ ගන්න ඕන තීරණ හරියට ගන්න ඕන. 


මේ රට දේශපාලඥයින්ගේ බූදලයක් නෙමේ 

මේ රට අපි දේශපාලන නායකයන්ට අවුරුදු පහකට - හයකට භාරදීලා තියෙනවා මිසක් ඒගොල්ලන්ට බූදලයක් විදියට ඔප්පුවකින්  ලියලා දුන්නේ නැහැ. මේ රට අයිති ජනතාවට. ඉතිං, ජනතාවගේ කැමැත්ත ගන්නේ නැතුව එක එක බලවේග වලට පවරන්න යන එක මෝඩ වැඩක්.'' යන්නයි. 










සබැඳි පුවත්


රතන හිමියන් මාරාන්තික උපවාසය අරඹයි