කලා නිර්මාණයක් කිරීම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ දඬුවම් ලැබීමට හේතුවන වරදක් වන්නේ කෙසේදැයි යන්න මේ වනවිට ඒ යටතේ චෝදනා ලබා සිටින ලේඛක ශක්තික සත්කුමාරගේ බිරිඳ ප්‍රශ්න කරයි.
මුහුණුපොතේ පළකල 'අර්ධ' කෙටිකතාව මගින් බුදුදහමට අපහාස කළ බවට වූ චෝදනාව මත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම පිළිබඳ පනත (ICCPR) යටතේ චෝදනා ගොනු කෙරුණු ශක්තික සත්කුමාර නිදහස් කරන ලෙස රජයට බලකරමින් අද (17) සවස කොළඹ කොටුව දුම්රියස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවේදී ඇය මේ බව පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ ලේඛක ශක්තික සත්කුමාරගේ බිරිඳ වන යනූෂා ලක්මාලි වැඩිදුරටත් පැවසුවේ,
‘'මගේ මහත්තයා අත්අඩංගුවට අරගෙන අදට දවස් 78 ක් ගෙවිලා ගිහිං තියෙනවා. බිරිඳක් විදියට වගේම ලේඛිකාවක් විදියටත් මට තියෙන ප්රශ්නය නිර්මාණයක් කිරීම කොහොමද ත්‍රස්තවාදී චෝදනාවක් යටතේ කොහොමද මෙහෙම දාන්නේ, ඒ වගේම ඇප දෙන්නේ නැතුව දවස් 78 ක් ගෙවිලා තියෙනවා. මවක් හැටියට මට කුඩා දරුවෝ දෙන්නෙක් ඉන්නේ. මගේ දරුවෝ දෙන්නා වගේම මමත් මානසික පීඩාවක ඉන්නවා.
ඒ වගේම මම රැකියාවක් කරන රජයේ නිළධාරිනියක් විදියට මට කාර්යාලයට යාමේදී ලොකු ගැටළු තියෙනවා, මිනිස්සු මං දිහා බලන්නේ අමුතු විදියට. හරියට දරුණු අපරාධයක් කරපු කෙනෙකුගේ බිරිඳක් විදියට මගේ දිහා බලන්නේ. අපි දන්නවා කලිනුත් මේ වගේ නිර්මාණ, විශේෂයෙන්ම, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ ‘බවතරණය’ වගේ නිර්මාණ වලත් මේ වගේ දේවල් කතා කරලා තියෙනවා. නමුත්, ඒ වගේ අවස්ථාවකදී නිර්මාණකරුවා සිරගත කරලා කිසිම බලපෑමක් ඇවිල්ලා නැහැ. සමාජයේ පත්වුණේ නැහැ. මේ අයි.සී.සී.පී.ආර් කියන ඇක්ට් එක යටතේ තමයි මහත්තයට ඇප දෙන්න විදියක් නැහැ. මං හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඒ වෙනුවෙන් පෙළගැසෙන්න කියලා’' යන්නයි.
ඡායාරූප 'විකල්ප' වෙබ් අඩවියෙනි
සබැඳි පුවත්
Post a Comment