මුහුණුපොතේ පළකල 'අර්ධ' කෙටිකතාව මගින් ආගමකට අපහාස කළ බවට වූ චෝදනාව මත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ චෝදනා ගොනු කෙරුණු ශක්තික සත්කුමාර ඔහුගේ ආදරණීය බිරිඳ යනූෂා ලක්මාලි විසින් රචනා කරන ලද කවියකි. (ශක්තිකව නිදහස් කරන ලෙස ඉල්ලා එළඹෙන ජූනි 17 වැනි සඳුදා දින සවස 3.00 ට කොළඹ කොටුවේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය)
''හිමයේ ගිහින් මල් යහනක නිදනවද
කුසගින්නට රස පලවැල බුදිනවද
වානක් තරම් උණු කඳුළැලි හෙළනවද
කෑගලු අහස යට සීතල දැනෙනවද
කොහා තමයි අවුරුදු ගැන මතක් කළේ
එරබදු මලුත් දුක දැනිලයි හිනා වුණේ
කිරිබත නැතුව ලිප ඇඬුවයි බඩගින්නේ
ගිනි වෙඩි කරල් ගිනිගත්තයි හිත ඇතුළේ
සඳ එන මඟට තරු කඳුළැලි ඇන්දා ය
නුඹ හින්දා නො නිවෙන ගින් උහුලාය
වැහි නැතුවත් වැව තාමත් උතුරාය
සීතල මතක නිල් දිය රැලි බින්දාය
මහමෙර වගේ ගෙදරක බර අරගත්තූ
නුඹ හට පරාදයි හිමියනි අලි ඇත්තූ
බෝසත් චරිත රඟපානා බුදු පුත්තූ
දරු දෙදෙනෙකුගෙ සෙනෙහස හිර කරගත්තු''
උපුටාගැනීම - ඕ පියුම වෙබ් අඩවිය
සබැඳි පුවත්
Post a Comment