ඉන්දීය අගමැති මෝදි - අගමැති රනිල් විසින් පිළිගැනේ


ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අද පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපළේදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

නරේන්ද්‍ර මෝදි ඉන්දියානු විශේෂ ගුවන් යානයකින් අද පෙරවරු 11.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

හමුදා ගෞරවාචාර මධ්‍යයයේ අගමැති වික්‍රමසිංහ විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි උණුසුම් අන්දමින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ පර්යන්තය කරා කැඳවාගෙන එනු ලැබීය.


එහිදී විශේෂ අමුත්තන්ගේ සටහන් පොතෙහි සිය සටහන තැබූ නරේන්ද්‍ර මෝදි, රනිල් වික්‍රමසිංහ සමග එකම රථයකට ගොඩවී කොළඹ බලා විශේෂ රිය පෙරහරකින් පිටත් වූයේ සුහද සාකච්ඡාවක නියැළෙමින්ය.


‍අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ අවස්ථාවට සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, අශෝක් අබේසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (H.E.  Taranjit Singh Sandhu) ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.