''මේජර් බුලත්වත්ත යළි සේවයේ පිහිටුවීම ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනයක්'' - CPJ


'සන්ඩේ ලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකළ නීති විරෝධී හමුදා කණ්ඩායමට නායකත්වය ලබාදුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ලබා සිටින මේජර් බුලත්වත්ත නැවත සේවයට බඳවාගැනීමට ශ්‍රී ලංකාවේ යුද හමුදාව ගෙන ඇති තීරණය ගැන ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් වන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වන කමිටුව (CPJ) ඊයේ  (15) දින නිකුත් කළ විශේෂ නිවේදනයකින් සිය විරෝධය පළකර සිටියි. 


පසුගිය මැයි 11 වෙනිදා දෙරණ නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී යුද හමුදාපති මහේෂ් සේනානායක  පැවසුවේ, මේජර් බුලත්වත්ත පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ත්‍රස්ත යුද හමුදාපතිවරයා යටතේ විශේෂ රාජකාරියක නියැලී සිටින බවයි.  

''මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීම හා තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට වදහිංසාවට ලක්කිරීමට සම්බන්ධ බුද්ධි අංශ නිළධාරියෙකු ධූරයෙන් උසස් කිරීම තුළින් ලංකා රජය පෙන්නුම් කරන්නේ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකිරීමේදී එතරම් කැප නොවන බවයි. ඔහුට නැවත සේවයට බඳවාගැනීම ලංකාවේ ජීවත්වන මාධ්‍යවේදීන්ගේ ජීවිත වලට නව තර්ජනයක් එල්ලවනු ඇත.'' යනුවෙන් CPJ ආසියානු කලාපයේ වැඩසටහන් සම්බන්ධීකාරක ස්ටීවන් බට්ලර් පවසයි. 



අදාළ සම්මුඛ සාකච්ඡාව