'පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කරන ලෙස බලපෑම් කළ බවට මැයි 5 වැනිදා දින පළවූ පුවත්පතක පළකර තිබුණා. එහෙම බලපෑමක් එල්ල වෙලා තියෙනවද ?' යනුවෙන් අද (16) පැවති මාධ්‍ය හමුවකදී හමුදාපතිතුමාගෙන් මාධ්‍යවේදිනියක ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ,
''බලපෑමකට වඩා මම කැමතියි කියන්න ඒක ඉල්ලීමක් කළා කියලා. යම්කිසි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තට පස්සේ ඔය කියන ඇමතිවරයා කතා කළා මට දුරකථනයෙන්. යම් ඉල්ලීමක් කළා. මම ඔහුට පිළිතුරු දෙකක් දුන්නා. ඒක තමයි ඔය කියන මාධ්‍යයෙන් සඳහන් වෙලා තියෙන්නේ බලපෑමක් කළා කියලා.
ඒක අර්ථකතනය කරන්න පුළුවන් බලපෑමක් හෝ ඉල්ලීමක් හැටියට. යුද හමුදාපති හැටියට මගෙන් කළේ ඉල්ලීමක්.
පළවෙනි ප්‍රශ්නෙදි මට කිව්වේ හොයලා බලලා කියන්නම් කියලා, දෙවැනි පාර මං හොයලා තිබුණේ නැහැ. තුන්වෙනි පාර මම කිව්වා 'මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා, 'මේ කෝල් එල අවුරුදු එක හමාරකට පස්සේ මට දෙන්න කියලා.'
ඔක්කොම මොහොමඩ් ලා හිටියේ. ඒ වගේ නම් කියන්නේ, කොහොමහරි ඒක දෙහිවලින් කියලා කියන්න පුළුවන්.
ඒ ඉල්ලීම කියන්නේ එතුමා මට කිව්වේ පැහැදිලිවම ඒ කියන පුද්ගලයාගේ තාත්තා මෙයා, මෙයාව බලාගන්න මට මොකද කරන්න පුළුවන් කියලා. මම කිව්වා 'අවුරුදු එක හමාරකට පස්සේ මට කතාකරන්න' කියලා. අවුරුදු එකහමාරක් කියන්නේ මට නීතියෙන් බලයක් තියෙනවා එයාව සිරගත කරන්න.'' යන්නයි.
Post a Comment