මද්‍රසා පාසැල් නියාමනය සම්බන්ධ කමිටු වාර්තාව අද (6) තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේය.
මෙම වාර්තාව සැකසීමේ දී වෙනත් රටවල දැනට ක්‍රියාත්මක වන නීතිරීති මෙන්ම ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපන පනත ද අධ්‍යයනයට ලක් කෙරුණු අතර, වාර්තාවට අනුව ඉදිරියේ දී සියළු මද්‍රසා පාසැල් නියාමනයට හා පොදු නීතිරීති මාලාවකට යටත්ව ක්‍රියාත්මක වීමට නියමිත ය.
නීතිපතිවරයාගේ හා නීති කෙටුම්පත් සම්පාදකවරයාගේ නිරීක්‍ෂණ ලබා ගැනීමෙන් අනතුරුව වාර්තාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරේ. අනතුරුව නව නීතිරීති කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගැණෙනු ඇත.


Post a Comment