ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක්


ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය උදෙසා තරග කරන බව ඊයේ (18) දින අල්ජසීරා පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී  පවසා තිබේ. කෙසේ වුවත් අදාළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ ඔහු ද්විත්ව පුරවැසියෙකු වන නිසා ඔහුට එරෙහිව මෙරට තුළ දැඩි විරෝධයක් මෙරට තුළ නැගෙන බවත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ නම්  ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට සිදුවන බවත්ය.

නමුත්, පසුගිය මාර්තු මසදී එළි දුටු ඇමරිකානු පුරවැසිභාවය අහිමිවූවන්ගේ ලැයිස්තුව තුළ ගෝඨාභයගේ නම ඇතුළත් වී නැති බව අල්ජසීරා වාර්තා කරයි. 

අල්ජසීරා වෙත අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පවසා තිබෙන්නේ, 

‘‘අනිවාර්යයෙන්ම, මම තරඟ කරනවා. මං බොහෝ කාලයකට පෙර මේ තීරණය ගත්තා. එහෙම නැත්නම් ඇමරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට කිසිම වුවමනාවක් වෙන්නේ නැහැ‘‘ යන්නයි.