මාවනැල්ලට ආරක්ෂාව වැඩි කරන්නැයි හෂීම්ගෙන් ඉල්ලීමක්


මාවනැල්ල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් බහුලව ව්‍යාප්ත වී සිටින හෙයිින් හා සංහිඳියාවට බාධා වන වෛරී ප්‍රකාශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන නිසා ආරක්ෂාව වැඩි කරන්නැයි අමාත්‍ය කබීර් හෂීම් අද (18) දින අමාත්‍ය රුවන් විජේවර්ධන වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ. 

මෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ දෙවනගල විභාරස්ථානයේ වාසය කරන මැදිරිගිරියේ පුණසාර හිමි විසින් හෙට දිනයේ පැවැත්වීමට නියමිත දැවැන්ත අධිෂ්ඨාන පූජාවක් ගැන මෙන්ම සිය දායක සභාව සමග එක්වෙමින් වෛරී ප්‍රකාශන ව්‍යාප්ත කරන තත්ත්වයක් තුළ මෙලෙස ආරක්ෂාවක් බලාපොරාත්තුවන බවයි. 


අදාළ ලිපිය