අගමැතිවරයා හා තානාපතිවරු අතර හමුවක්


අගමැති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් අද (24) අරලියගහ මන්දිරයේ දී හමුවී විශේෂ සාකච්ඡාවක් සිදුකළහ. 


මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පිරිස එක්විය.