ඥාණසාර හිමි හා ජනපති අතර හමුවක්


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා උන්වහන්සේගේ මව ඊයේ (23) රාත්‍රියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන හමු විය. ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය.

ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥාණසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ඔහු වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මව, ජනාධිපති සමඟ සුහද කථා බහක ද නිරත විය.