කුරුණෑගල වෛද්‍යවරයා ගැන විශේෂ පරීක්ෂණයක්


කුරුණෑගල රෝහලේදී අත්අඩංගුවට පත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනම විද්වත් මණ්ඩලයක් පත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අද (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය.

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටිය දී මෙසේ වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන් තමා මුදල් ඉපැයූ ආකාරය හෙළි කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අතර ඔහුට එරෙහිව විමර්ශන සිදු වෙයි. 


මෙම විද්වත් කමිටුව සඳහා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සභාවෙන් නියෝජිතයෙක්ද පත් වෙයි. වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු බලපෑමක් සිදු නොකරන බවත් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.