යාඥා කරමින් සිටි පිරිසක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරිම තමන් තරයේ හෙළා දකින බව යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.ඒ. අසාද් ඉසදීන් පසුගියදා (12) දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියේ දී පැවති වර්තමාන ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව මවුලවිවරුන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ මස්ජිඩ් පදනමේ සාමාජිකයින් ඇතුළු මුස්ලිම් ප්‍රජාව දැනුවත් කිරිමේ දේශනයක් අතරතුරදී පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
“එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෙස අපි පාස්කූ ඉරිදා දින එල්ලවූ ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්වූ 250 කට අධික පිරිසකගේ ජීවිත අහිමිවීම ගැන අපි ලැජ්ජා විය යුතුයි. මේ ආකාරයෙන් අප මුස්ලිම්වරුන් ලෙස අපව අපකීර්තියට පත් කිරීමට අප සටන් කළේද? ඔබ මේ ඛේදවාචකයෙන් මිය ගිය අයවළුන් හට අනුකම්පා කරන්නේද, අප එකම එක්සත් ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් ජනතාවගෙන් අහිමි වූ විශ්වාසය නැවත ගොඩනැංවීමට උත්සාහ දැරිය යුතු බවත් අපි ආගමික හා සංස්කෘතික වශයෙන් එකිනෙකාට වෙනස් වුවත් එකම ජාතියකට අයත් පිරිසක්” යන්නයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ උපදෙස් මත පවත්වනු ලැබු දෙවන අන්තර්ක්‍රියාකාරී හමුවේදී මුස්ලිම් ප්‍රජාව කෙරෙහි විශ්වාසය ඇති කිරීම හා එවන් අන්තවාදී ප්‍රචණ්ඩත්වයන්ගෙන් ඉවත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරනු ලැබූ අතර යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එම්.එම් කිත්සිරි ගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ මුස්ලිම් හමුදා නිලධාරීන් කණ්ඩායමක් මීට දායක විය.
Post a Comment