මෑන් බුකර් සම්මානය ඕමාන් ලේඛිකාවකට


ඕමාන ලේඛිකාවක වන ජෝකා අල්හාර්ති Celestial Bodies නවකතාව වෙනුවෙන් මෙවර මෑන් බුකර් සම්මානය දිනාගැනීමට සමත්වී ඇති අතර මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ඕමාන් ලේඛිකාව වන්නේ ද ඇයයි. 

අරාබි බසින් රචිත Celestial Bodies නවකතාවට පදනම් වී තිබෙන්නේ ඕමානයේ අල් අවාෆි ගම්මානයේ ජීවත්වන සහෝදරියන් තිදෙනෙකු වන මයියා, අස්මා හා කව්ලාගේ  ජීවිත වටා ගෙතුණු කතාවයි. ඇමරිකානු ජාතික මැරිලින් බූත් මෙම කෘතිය ඉංග්‍රීසියට පරිවර්තන කර තිබේ. 

සිය කෘතිය බුකර් සම්මානයට නිර්දේශ වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජෝකා පැවසුවේ, ''මේ කෘතිය හුදු කලාකෘතියකට වඩා අරාබි ලෝකය වෙත ගමන්ගන්නා මාර්ග සිතියමක් වගෙයි. ප්‍රබන්ධ කෘතියක් ලෙස මෙය පරිකල්පනය හා මුවින් පැවසිය හැකි සීමාමායිම් ඉක්මවා ගොස් තිබෙනවා''    


''මිනිස්සුන්ගේ විවිධාකාර ජීවිත, ඔවුන්ගේ හිමිවීම්, අහිමිවීම් තුළින් මේ සමාජය ගැන අවබෝධයක් ලබාගන්නට අපට හැකිවෙනවා. එදිනෙදා ජීවිතය ගැටගහගන්නා වහල් පවුල් වල සිට ඔවුන්ව පීඩාවට ලක්කරමින් ජීවත්වෙන ඕමානයේ, මස්කට්හි ජීවත්වෙන ධනවතා දක්වා වූ පිරිස් වල ජීවිත ගැන මෙහිදී දැන හැඳින ගන්නට හැකිවෙනවා. කාමරයකින් ඇරඹෙන මේ කතාව අවසාන වෙන්නේ සමස්ත ලෝකය ගැන පවසමිනුයි'', යැයි  මාධ්‍ය වෙත අදහස් දැක්වූ මෑන් බුකර් සම්මාන කමිටුවේ සභාපති බෙට්නි හග්ස් පැවසුවාය. 







'

'ද ගාර්ඩියන්'' ඇසුරිනි