සංජීවගේ තෙවන සිනමාපටය වෙනුවෙන් නිප්කෝ අධි ශිෂ්‍යත්වයක් හිමිවේ


චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර වෙත ඔහුගේ මීළඟ චිත්‍රපටයේ තිර රචනය සංවර්ධනය කිරීම සඳහා ජර්මනියේ බර්ලින් නුවර පිහිටි නිප්කෝ නේවාසික වැඩසටහන  (Nipkow Art Residence) මගින් අධි ශීෂ්‍යත්වයක් (Fellowship) පිරි නමා තිබේ. 

මෙම ශිෂ්‍යත්වය යටතේ සංජීව දෙමසක කාලයක් බර්ලින් නුවර නේවාසිකව රැඳී සිටිමින් ඔහුගේ තෙවන චිත්‍රපටයේ තිර රචනය විදේශීය තිර රචනා උපදේශකයන්ගේ  තාක්ෂණික ගුරුහරුකම් සහ මඟ පෙන්වීම් යටතේ රචනා කරනු ඇත.

නිප්කෝ වැඩසටහන 1992  වර්ෂයේදී  බර්ලීන් නුවර ස්ථාපිත කළ  අතර එමගින් සිනමාකරුවන්ට සහ ජනමාධ්‍ය වෘත්තිකයන්ට සිය නිර්මාණ සංවර්ධනය කර ගැනීමට උපකාර කරනු ලැබේ. නිප්කෝ අධි ශීෂ්‍යත්වයක් ලබා ගැනීමට සමත්වු ප්‍රථම ශ්‍රී ලාංකික සිනමාකරුවා සංජීව පුෂ්පකුමාරයි.