පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගල අනන්‍යතාව තහවුරු කරගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය පසුගිය අප්‍රේල් 29 වෙනිදා සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කෙරුණි. අප එදිනෙදා කතාබහේ යෙදෙන ව්‍යවහාරයෙන් කිවහොත් බුර්කාවට තහංචි වැටුණි, මේ යටතේ ෆුල්ෆේස් භාවිතය ද ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වුවද මුස්ලිම් මෙන්ම සිංහල බෞද්ධයින්ගේ ද දැවැන්ත අවධානයට ලක්වූ තේමාව වූවේ බුර්කා හෝ නිකාබය ඇඳීම තහනම් වීමයි.
බුර්කාව හෝ නිකාබය ඇඳීම තහනම් කර ඇති රටවල්
ප්‍රංශය
ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව පැළඳීම තහනම් කළ පළමු රට ප්‍රංශය වන අතර 2004 වසරේදී මෙය සිදුවිය. නමුත්, 2011 දී මේ නීතිය තවදුරටත් දැඩි කරමින් සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන වේලය ප්‍රසිද්ධ ස්ථාන වලදී පැළඳීම තහනම් කෙරුණි. නිකොලොස් සාර්කෝසි එවකදී පැවසුවේ ‘‘මේ පිරිස අපි පිළිගන්නේ නෑ‘‘ යනුවෙනි.
බෙල්ජියම
ප්‍රංශයේ මග අනුගමනය කරමින් බෙල්ජියම ද සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම 2011 වසරේදී තහනම් කළේය. වේලයෙන් සැරසී සිටින කාන්තාවන් දින 7 කාලයක් සිරගෙට යැවීමේ ඉඩකඩ පැවති අතර යුරෝ 1378 ක දඩයක්ද එකල නියම කෙරුණි.
නෙදර්ලන්තය
පාසල්, රෝහල් හා පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණය නොකළ යුතු බවට වූ නීතියක් නෙදර්ලන්තය 2015 දී ඉදිරිපත් කළ අතර ආරක්ෂක හේතූන් මත මේ තීරණය ගෙන තිබුණි.
චැඩ්
මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් 2015 දී එල්ලවීමත් සමග ඉන් දින දෙකකට පසු මුහුණු ආවරණ තහනම් කෙරුණි. මෙකල අගමැති වූ කල්සියුම් පහිමි පැවසුවේ මෙය ව්‍යාජ ආවරණයක් බවත් අලෙවි කිරීමට තිබෙන බුර්කා පුළුස්සා දැමීමට පවා තමන් සූදානම් බවත්ය. බුර්කා පළඳින පිරිස් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට පවා හැකිය.
ස්විට්සර්ලන්තය
ස්විට්සර්ලන්තය බුර්කාව හෝ නිකාබය පැළඳීම 2016 ජූලි මසදී තහනම් කළද ටෙසින් පළාතට මෙය අදාළ නොවේ. නීතියට අනුගත නොවන අයෙකුට දඬුවම ලෙස යූරෝ 10,000 ක මුදලක් ගෙවීමට ද නියම කර ඇත.
මීට අමතරව කැමරුන්, නයිජර් යන රාජ්‍යයන් වල ද මෙය තහනම්ය.
කොංගෝ බසාවිලේ රාජ්‍යයේ මුහුණු ආවරණ තහනම් කෙරෙන්නේ ත්‍රස්ත ප්‍රහාර මැඩලීමේ අරමුණෙනි
Post a Comment