සියලුදෙනා එකතුවී රටේ සාමය වෙනුවෙන් ඇපකැප විය යුතු බවත් මේ වනවිට රටේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,
මේවට වගකිවයුතු අය කවුද කියලා හොයන්න පියවර අරන් තියෙනවා
''සිංගප්පූරුවේ සිටින විට ලිපියක් සමාජ මාධ්‍ය වල යන ලිපියක් යනවා කියලා මට පෙන්නුවා. ඒ ලිපිය දුටු විට කල්පනා කළා. සිදුවීමට පෙර ආරක්ෂක අංශවලට වාර්තා වී තිබුණු බව පෙනී ගියා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිෂන් පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළා. ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නා. 22 උදේ ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වුණා. ඉන් පසුව එදා ආරක්ෂක මණ්ඩලය රැස්වෙලා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. මේ පිළිබඳ මූලික ව කළ යුතු කාර්යන් ගැන උපදෙස් දුන්නා.
ගත වූ දින 10 කාලය තුළ නැවත මේ සිදුවීම ඇති නොවන්න, මේවට වගකිවයුතු අය කවුද කියා සොයන්න ගත හැකි සැම පියවරක් ම ගෙන තිබෙනවා. තනාපතිවරු කැදෙව්වා. ඒ අයට පහැදිළි කළා රජය ගන්නා පියවර පිළිබඳව. කොළඹ දිස්ත්‍රීක්කයේ පොලිස් ස්ථානාධිපතිවරු කැඳවා ආරක්ෂක විධිවිධාන ගැන උපදෙස් දුන්නා.
ආරක්ෂක ප්‍රතිසංවිධානය ගැන සියලුදෙනාගෙන් උපදෙස් ගත්තා
පිළිගත හැකි නායකයින්ගෙන් සමවිත සර්වපාක්ෂික සමුළුවක් කැඳෙව්වා. පැමිණි සියලු දෙනාට ගෞරවනීය ස්තූතිය පුද කරනවා. සර්ව ආගමික නායකයින් සෑම කෙනෙක්ම කැඳවලා, උන්වහන්සේලාගේ උපදෙස් ලබාගෙන ආරක්ෂක ප්‍රතිසංවිධානය ගැන උපදෙස් ලබාගත්තා.
අප්‍රේල් 26 වැනිදා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රධානීන් කැඳෙව්වා. තත්ත්වය ගැන පැහැදිලි කළා. මාධ්‍ය වගකීම හා සදාචාරය ගැන කරුණු පැහැදිලි කළා. අප්‍රේල් 29 වැනිදා, බරපතල සංචාරක ව්‍යාපාරයට බලපාන සංචාරක ව්‍යාපාරයේ හෝටල් හිමියන් කැඳවා සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැඟීම, දිය යුතු සහන, බැංකු ණය කල්දැමීම, මෙම කරුණු ගැන සාකච්ඡා කර එකඟතාවයට එළඹුණා. ආණ්ඩුකාරවරු 9 දෙනා කැඳෙව්වා. ගත යුතු ක්‍රියාමාර්ග ගැන ඒ අයට පැහැදිලි කළා. පාසල්වල ආරක්ෂාව පිළිබඳව, ප්‍රාදේශීය ආරක්ෂක නිලධාරීන් සමඟ කටයුතු කළ යුතු වැදගත්කම පැවසුවා.
මැයි දෙක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු හමුදාපතිවරුන්ගේ අදහස් ඇතුළත් වාර්තාවක් මා වෙත ලබා දුනා. මැයි 06 වැනිදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය කඳවා ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කර සහන ගැන සාක්ච්ඡා කළා.
මේ සියලු රැස්වීම් මම තනිව කළ රැස්වීම් නොවේ. මුළු කැබිනට් මණ්ඩලයටම ආරාධනා කළා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා. කාදිනල්තුමට ආරාධනා කළා. විද්වතුන් නායකයින්,විද්වතුන් ආරක්ෂක මණ්ඩලයට වරින් වර කඳවා තිබෙනවා. පෙරට වඩා වෙනස් ව්‍යුහයක් ඇති කර තිබෙනවා. ආරක්ෂක මණ්ඩලය ශක්තිමත් පුළුල් ශක්තිමත් ව්‍යුහයක් තුළ සාර්ථකව සාකච්ඡා වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන තනතුරු වෙනස් කළා. ආරක්ෂ විධිවිධාන පිළිබඳව ප්‍රධාන වෙනම මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කළා.
ආරක්ෂාව ගැන සතුටු විය හැකියි
ඛේදවාචකය සමඟ ජනතාවගේ බිය සැක තුනී කිරීම සඳහා ඔවුන් භාවිතා කළ බොහෝ දේ අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍යයෙන් දැක් තිබෙනවා. ආරක්ෂව පිළිබඳව සතුටු විය හැකි තැනක සිටිනවා. මේ ප්‍රශ්නය පිළිබඳව අසාධාරණ ලෙස විවේචනයෙන් කතාකරන අය ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන අනවබෝධයෙන් කටයුතු කරන අය කියයි සිතන්නේ. ආරක්ෂක හමුදාව සාර්ථකව මෙහෙයුම් ඉටු කර සාර්ථක මට්ටමකට රට ගෙනවිත් තිබෙනවා. සැකකරුවන් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 12ක් ප්‍රබල ත්‍රස්තවාදීන්. ත්‍රස්ත ව්‍යාපාරයට සම්බන්ධ සේෆ් හවුස් 13ක් සොයාගෙන තිබෙනවා. බැංකු ගිණුම් තහනම් කර තිබෙනවා.දේපළ වත්කම් සියල්ල රාජසන්තක කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. සුළු වශයෙන් උදව් කළ අයට රුපියල් ලක්ෂ 20 ගානේ ලබාදී තිබෙනවා. එම මුදලින් රුපියල් මිලියන 18ක් සොයා ගෙන තිබෙනවා. පරීක්ෂණ කටයුතු ඉතා සර්ථක තැනක තිබෙනවා.
ලෝකයේ සෑම රටකටම වාගේ මේ ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කොට තිබෙනවා. අපි අවුරුදු 30ක් බෝම්බ එක්ක ජීවත් වූ පිරිසක් කියන එක අමතක වෙලා. මේ රටේ අතීතයත් අන්තර් ජාතික දේශපාලනයත් සැලකිල්ලට ගැනීම මෙවැනි කාරණයක දී වැදගත් වෙනවා. ජනාධිපතිවරු පස් දෙනාගේම කාලයේ බෝම්බ පිපිරුණා.ඒව අමතක වෙලා. අපි ගෝලීය ත්‍රස්තවාදය ගැන කතාකරනවිට මූලික වශයෙන් තේරුම්ගත යුතු වෙනවා, මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බව. මේ ත්‍රස්තවාදයේ ව්‍යාපරයේ නායකයින් ප්‍රකාශයක් කළා, මේ ප්‍රහාරයේ වගකීම ඔවුන් බාර ගන්නවා කියලා.
මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය බටහිර චින්තනයට විරුද්ධව එල්ල කරන ඉලක්කයක්
මේ ත්‍රස්තවාදී නායකයා මියගියා කියලා දියුණු බුද්ධි අංශ හිතුවා. මේ නායකය වසර හතරකට පසුව නැගිට්ටාම ඒ අය පුදුමයට පත් වුණා. මේ රටට පැමිණ සිටින බුද්ධි විශේෂඥයින් මා හමු වුණා. ඔවුන් ලොකු තැතිගැන්මකට පත්වෙලා, මියගිය නායකයා එළියට පැමිණීම ඔවුන්ට ප්‍රශ්නයක් වෙලා. මෙවැනි තත්ත්වයන් අප සැලකිල්ලට ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ ත්‍රස්තවාදි ව්‍යාපාරයේ අකුරු දෙක හෝ හතර රාජ්‍ය නායකයෝ පාවිච්චි කරන්නේ නෑ. මමත් කිසි තැනක ඒ අකුරු පාවිච්චි කළේ නෑ. මේ ව්‍යාපාරය ඉලක්ක කරන්නේ කුමන අයද කියන කාරණය. බටහිර චින්තනයට විරුද්ධව එල්ල කරන ඉලක්කයක්. කුරුසයට විරුද්ධව ප්‍රහාරයට එල්ල කරනවා. කිතුණු ජනතාව ඊළඟ ඉලක්කයක්. මේ උන්මාදයෙන් පෙළෙන ඔවුන් උතුම් කුරුසයට විරුධව යුද්ධ කරනවා.මේ තත්ත්වය තේරුම්ගත යුතු වෙනවා.
රටේ සාමය ස්ථාපිත කරන්න මාධ්‍යයට වගකීමක් තියෙනවා
ත්‍රස්තවාදී ව්‍යාපාරයේ සැම කෙනෙක් ම විනාශ කළ යුතුයි. අපේ වගකීම වන්නේ කුමක් ද ? සියලු දේශපාලන නායකයින්ගේ, සියලු බෞද්ධ හින්දු ඉස්ලාම් නායකයින්ගේ වගකීමක් වෙනවා, මුස්ලිම් ජනතාවගේ තේරුම් ගන්න සිංහල ජනතාව වගේම.මුස්ලිම් කෙනෙක් ගැන සැකයෙන් ඉන්නවා. මුස්ලිම් පවුල්වල බයෙන් ඉන්නවා කුපිත වෙල පහර දෙයි කියලා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය රටේ සාමය ජනතාව සන්සුන් කිරීම සඳහා මාධ්‍යයට තිබෙනවා පුළුල් වගකීමක් හා කාර්යභාරයක්.
අපට ස්ථිර සාමයක් ඇතිකරගන්න පුළුවන් - හමුදාවට සියලු බලතල ලබාදී තියෙනවා
එවැනි ප්‍රවෘත්තිවලින් බියට පත්වෙනවා. සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ පුදුමසහගත විදියටයි.බුද්ධි වාර්තා අනුව 150කට අඩු සංඛ්‍යාවක් බව වාර්තා කරන්නේ. අනෙක් මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවද ? 83 කළු ජුලිය නිසා දෙමළ ජනතාවගේ වත්කම් විනාශ වුණා. දෙමළ තරුණයන් එල් ටී ටී ඊයට ඇදි ගියා. සිංහල දෙමළ මුස්ලිම් ජනතවගේ සැක බිය නැති කිරීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කරන්න. සියලු දෙනාගෙන්ම කාරුණිකව ඉල්ලීමක් කරනවා, දෙමළ ජනතාව දෙස එදා බැලූ අකාරයට මුස්ලිම් ජනතාව දෙස බලන්න එපා. අපට ස්ථීර සාමයක් ඇති කරගන්න පුළුවන්.ජනතාව නොමඟ යැවීම් අසත්‍ය ප්‍රචාර නිසා මුස්ලිම් ජනතාවට බියක් ඇති වුණොර්ග් ඒ අය මේ ව්‍යාපාර වෙත ඇදී යනවා.මුස්ලිම් තරුණ පිරිස ආරක්ෂ කරගත යුතුයි.මුස්ලිම් ජනතාවට ආරක්ෂාව දෙනව, කියන එක ඒ අයටත් තිබෙන්න ඕන. කරුණු සැලකිල්ලට ගෙන කටයුතු කරනවා වගේම මේ තත්ත්වය ගැන එක්ව ක්‍රියා කිරීමේ දී ආරක්ෂ අංශ හා බුද්ධි අංශ ගැන විශ්වසයක් තැබිය යුතුයි. ඒ අයට බලතල ලබා දී තිබෙනවා. හමුදාවට සියලු බලතල දී තිබෙනවා. මා ළඟ ඉතිරි වූ බලයක් නෑ. බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරනවා. ආරක්ෂක අංශ හා පොලීසිය ප්‍රතිසංවිධානය කරගෙන යනවා. පොලීසියට කසිප්පු අල්ලන්න බලය දී තිබුණේ නෑ. පොලිස් ස්ථාන 30කට වාහන තිබුණේ නෑ. ලෝකයේ තිබුණු ප්‍රශ්නයක් කඩා වැටිලා මෙය මේ රටේ ප්‍රශ්නයක් ලෙස කතා කරන්න වෙලා. මේ රටේ ජනතාව බිය විය යුතු නෑ. ආරක්ෂක හමුදාව හොඳ ප්‍රතිඵල ලබා දී තිබෙනවා.සියයට සියයක් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේ හැකි වෙනවා.
දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕන
ත්‍රස්තවාදය ගැන කාටවත් කියන්න බෑ. බලවත් රටවලට ඒවා වළක්වා ගන්න තිබුණා. කිසිම තැනක අඩුපාඩු නොවන්න උපරිම දේ කරනවා. මේ ප්‍රශ්නය තුළ කළ හැකි උපරිම දේ කරනවා. රටේ ජාතික සමඟිය සංහිදියාව ශක්තිමත් කරගත යුතුයි. සභාව තුළත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, මෙහි බැරෑරුම් තත්ත්වය තේරුම් ගන්න කියලා. අපට අවශ්‍ය පිරුණු දේ අවශ්‍යයි. අපේ සැම කෙනෙකුගේම වගකීමක්. අපට දේශපාලනය කරන්න රටක් තිබෙන්න ඕන. අත්වැල් බැදගෙන සමඟියෙන් මේ කටයුත්ත කරන්න ඕන.සැම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා සැම කෙනෙක්ම එකට එකතුවෙලා, මේ තත්ත්වය තේරුම් ගෙන මේ රටේ නිදහස් සතුටින් ඉන්න සමාජයක් ගොඩනගන්න නිදහස් පරිසරය හදන්න සියලු දෙනාම අත්වැල් බැඳගත යුතුය.‘‘ යන්නයි.

Post a Comment