හෙට සිරකරුවන් 762 කට නිදහස


වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම හෙට (18) සිදු කෙරේ. සිරකරුවන් නිදහස් කිරීමේ රාජ්‍ය උත්සවය වෙසක් පොහොය යෙදී ඇති හෙට පෙ.ව 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

සුළු වැරදි සඳහා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 762කට මෙලෙස නිදහස හිමි වන අතර සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26ක් ඒ අතර වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙලෙස සිරකරුවන් සඳහා ජනපති පොදු සමාව ලබාදීමට නියමිත අතර බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කෙරෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.