නැගී එන විශිෂ්ඨතම ගමනාන්තයට හිමි Experts’ Choice සම්මානය ලංකාවට


විශිෂ්ඨතම නැගී එන ගමනාන්තය සඳහා වන 2019 Experts’ Choice සම්මානය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක්හි පිහිටි TripExpert ආයතනය මගින් මේ බව පසුගියදා (9) නිවේදනය කර ඇත. 

සීමිත ඉඩකඩක් පුරා පැතිරී ගොස් තිබෙන රටක් ලෙස සොබා සුන්දරත්වයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන ලංකාව ඵෙතිහාසික උරුමයන්ගෙන් ද පිරිපුන් රටක් වී තිබීම මෙම සම්මානය හිමිවීමට බලපෑ ප්‍රබල කරුණක් වී තිබේ. 

TripExpert යනු ලොව පිළිගත් සංචාරක මාර්ගෝපදේශක, සඟරා සහ පුවත්පත් 85කට අධික සංඛ්‍යාවක වෘත්තිමය විචාරයන්ගෙන් සැදුම් ලත් නව මාදිලියේ සංචාරක වෙබ් අඩවියකි මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි.