‘‘අභියෝග ජයගෙන නව දැක්මකින් අවුරුද්ද සමරමු‘‘ - චන්ද්‍රිකා බණ්ඩාරනායක



''සොබා දහම සහ මනුෂ්‍යයා අතර පවතින අවියෝජනීය සබඳතාවේ විශිෂ්ටතම පිළිබිඹුව වන සිංහල - දමිළ අලුත් අවුරුද්ද සියලු බේද පසෙක ලා ශ්‍රී ලාංකිකයන් සහෝදරත්වයෙන් එක්ව සමරන මෙරට ප්‍රමුඛතම ජාතික උත්සවය  වේ.

රටක් ලෙස ඉතා තීරණාත්මක අවස්ථාවක සිටින මේ මොහොතේ, ආර්ථික ගැටළු මෙන් ම නියඟයෙන් ද පීඩා විඳිමින් සිටින අප, ඒ සියලු අභියෝග ජයගෙන අලුත් දැක්මක් සහිත ව පෙරටුගාමී ගමනකට නායකත්වය ලබාදිය හැකි අවංකබව සහ සාධාරණත්වය අගයන නැවුම් පරපුරක් නිර්මාණය කරගැනීමට මේ මොහොතේ ක්‍රියාකාරී වෙමු.

සාමය, සහජීවනය වෙනුවෙන් කැපවීමෙන් ඒකරාශී විය හැකි සමෘද්ධිමත් සහ ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.‘‘