''මෙය බියගුලු ත්‍රස්ත ප්‍රහාරයක්'' - සජිත්


අද (21) උදෑසන සිදුවූ බෝම්බ පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 

එහිදී ඔහු වැඩිදුරටත් දක්වන්නේ,

‘‘පාස්කු ඉරිදා උදෑසන අහිංසක සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාගේ පවුල්වලට මාගේ අවංක ශෝකය පළ කරමි. 

එමෙන්ම තුවාල ලැබූ සියල්ලන්ට ද මාගේ ශෝකය මෙලෙස පළ කරමි. නීතිය ක්‍රියාත්මක කරන නියෝජිත ආයතන ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදුකරන අතරතුර ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් සන්සුන්ව සිටින ලෙස මම ඉල්ලා සිටිමි. ජාතියක් වශයෙන් මෙන්ම ලෙස එකමුතුව දැඩි තර්ජනවලට එරෙහිව අපි සටන් කර ඇත්තෙමු.

එමෙන්ම ආගමික, වාර්ගික හෝ දේශපාලන බෙදීම් වලින් තොරව එක් ජනතාවක් ලෙස මෙම නව තර්ජනයට මුහුණ දීමට කටයුතු කරමු.‘‘