‘‘මාධ්‍ය වගකීමෙන් කටයුතු කරන්න‘‘ - මංගල


අද (21) දිනයේ එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය මුදල් අමාත්‍යවරයා ලෙස තමන් දැඩිව හෙලා දකින බව අමාත්‍ය මංගල සමරවීර පවසන අතර මෙය 2015 ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව හා සංවර්ධනය ස්ථාපිත කිරීමේ ගමන ආපස්සට හැරවීමේ කුමන්ත්‍රණයක් බව දක්වයි.

අමාත්‍යවරයා මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ ශිෂ්ඨ සම්පන්න සම්ප්‍රදාය අනුගමනය කරමින් බෝම්බ ප්‍රහාර වලින් මියගිය අයගේ මළමිනී ලෝකයට පෙන්වීම නවත්වන ලෙසයි.