බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් ගැන පොලීසියෙන් නිවැරදි කිරිමක්


මීට පැය කීපයකට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පාස්කු සිකුරාදා දින බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් ලෙස සැලකූ පිරිස අතර හඳුන්වා තිබූ තැනැත්තියක වූ අබ්දුල් කාදර් ෆාතිමා කාදියාගේ ඡායාරූපගේ ඇගේ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මීට සුළ මොාහාතකට පෙර නිවැරදි කිරීමක් සිදුකර ඇත. 

අදාළ තැනැත්තිය අමාරා මජීඩ් නම් වන මුස්ලිම් - ඇමරිකන් සම්භවයක් සහිත තැනැත්තියක වන අතර අතර ඇය මේ ගැන සිය ෆේස්බුක් ගිණුමේ ද ප්‍රකාශයක් සටහන් කර ඇති මේ සිද්ධිය හාස්‍යයට ලක්කර ඇත. 


බීබීසී මගින් 2015 දී ප්‍රකාශයට පත්කළ කාන්තාවන් 100 දෙනා අතරට ද ඇය ඇතුළත් අතර සමාජ ක්‍රියාකාරිනියක වන අතර මුස්ලිම් කාන්තාවන් සවිබල ගන්වන  The Hijab Project හි නිර්මාතෘවරිය ද වේ. 







 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනය, 



සබැඳි පුවත්