ඉස්ලාමීය අන්තවාදය පරාජය කරන්න පාඨලීගෙන් විශේෂ යෝජනාවලියක්



ඇමති පාඨලී චම්පික රණවක විසින් ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරිමට රජයට හා ඉස්ලාමීය ප්‍රජාවට විශේ්ෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු මේ ගැන අද (25) පැහැදිලි කිරීමක් ද සිදුකළා. 

අදාළ යෝජනාවලිය,

01. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීතිය ක‍්‍රියාත්මක වන මොහොතක මෙම ප‍්‍රහාරයේ වගකීම දරන ජාතික තවුහිද් ජමාද් සංවිධානය සහ ඊට වක‍්‍රව හා සෘජුව අනුබද්ධ යම් සංවිධානයක් වේ නම් ඒවා තහනම් කළ යුතුයි. එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන්ගේ ව්‍යාපාර සහ සියළු වත්කම් රාජසන්තක කිරීමත්, වෛරී ප‍්‍රකාශ කරන සියළු දෙනා තරාතිරම හෝ දේශපාලනය නොබලා අත්අඩංගුවට ගැනීමත් සිදුකළ යුතුය.

02. රටේ ජාතික ආරක්ෂාවටත් සමාජ ආගමික සංහිදියාවටත් මුස්ලිම් කාන්තාවන්ගේ නිකාබ් හා බුර්කා පැළදීම තහනම් කළ යුතුය.

03. මද්‍රාසා පාසල් වල ඉගැන්වීම සඳහා හෝ අරාබි භාෂා ප‍‍්‍රවර්ධනය සඳහා හෝ ඉස්ලාමීය දේශනා සඳහා මෙරටට විදේශිය ඉස්ලාමීය ගුරුවරු පැමිණ සිටිනවා නම් වහාම ඔවුන් රටින් පිටුවහල් කළ යුතුයි.

04. ස්වේච්ඡා සංවිධාන මෙන්ම ඉස්ලාමීය ව්‍යාපාර සැක කටයුතු අන්දමින් රට තුළ පවත්වාගෙන යන්නේ නම් ඒවා සම්බන්ධ විධිමත් අධ්‍යයනයක් හා පියවර මෙන්ම ඒ සඳහා විදෙස් රටවලින් යම් ප‍‍්‍රතිපාදනයක් ලැබෙන්නේ නම් ඒවා නියාමනය හා අධික්ෂණය විධිමත් කිරීම සඳහා යාන්ත‍‍්‍රණයක් සැකසිය යුතුය.

05. මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් කාත්තන්කුඩි ශරියා විශ්ව විද්‍යාලය මෙන්ම බේරුවල, මහරගම, ත‍‍්‍රිකුණාමලය සහ අඕඩච්චාලනය ආශ‍‍්‍රිතව පවත්වාගෙන යන ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථාන ශ‍‍්‍රි ලංකා රජයේ විශ්ව විද්‍යාල ප‍‍්‍රතිපාදන කොමිසමේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධික්ෂණයට සහ පාලනයට යටත් කළ යුතුයි.

06. වීසා නොමැතිව මෙරට රැුඳී සිටින මාලදිවයින, පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයේ මෙන්ම සියළු ජාතිකයන් වහාම මෙරටින් පිටුවහල් කළ යුතුය.

07. මුස්ලිම් පල්ලි වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ස්ථානීය කටයුතු පිළිබ`ද පරික්ෂා කිරිමේ අවසරය රාජ්‍ය ආක්ෂක අංශ වලට විවෘත කළ යුතුය.

08. ත‍‍්‍රස්ත ක්‍රියාකාරකම් සහිත (විශේෂයෙන්ම මුස්ලිම් අන්ත ක්‍රියා සහ ත‍‍්‍රස්ත ක්‍රියා පවතින) රටවලින් ශ‍‍්‍රි ලංකාවට වීසා ඉල්ලූම් කරන අයවලූන් සඳහා විශේෂ වීසා පටිපාටියක් අනුගමනය කළ යුතුය.

09. සියළු රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් කර එක් මෙහෙයුම් මධ්‍යස්ථානයකින් පාලනය වන ක්‍රමවේදයක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කළ යුතුය.

10. දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ විපක්ෂ නායක යන තිදෙනාම ආරක්ෂක කවුන්සිලයේ කටයුතු වලට සෘජුවම දායක විය යුතුය.