‘‘වැරදුණේ කොතැනදැයි අප සෙවිය යුතුයි‘‘ - ලක්ෂ්මන් කිරිඇල්ල



සෑම මුස්ලිම් ජාතිකයෙකුම ත්‍රස්වාදීන් නොවන  බවත් රටේ සාමය ආරක්ෂා කරගැනීමට සියලුදෙනාට වගකීමක් ඇති බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (24) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීතිය විවාදයේ දී අඳහස් දක්වමින් පැවසුවේය. 

''රටක් හැටියට ඇඟිල්ල දිගු කරන අවස්ථාවක් නොවේ මෙය. වැරදුනේ කොහෙද කියන එකත් අප හොයන්න ඕන.මේ තොරතුරු ලැබිලත් ජනතාව ආරක්ෂා කරගන්න බැරි වුණා නම් අප ලැජ්ජා විය යුතුයි.

අපේ  අගමැතිතුමාට ආරක්ෂක මණ්ඩලයට එන්න කියලා නෑ. කැබිනට් මණ්ඩලය දන්නෙත් නෑ. තොරතුරු ලබුණම  දුරකතනයෙන් දැනුම් දෙන්න තිබුණා. අගමැතිතුමා කිව්වා එතුමට කිව්වේ නෑ කියලා.

රටේ ජනාධිපතිතුමාට  දැනුම් දෙන්නේ නැති නම් කාර්යභාරය කුමක් ද ?, පාර්ලිමේන්තුව හැටියට අහන්න ඕන නිහඬව හිටියේ ඇයි  කියලා. ලියුමක් ලියලා නිහඬව හිටියා. මේවා හොයන්න ඕන.

මේ ඇඟිල්ල දිගු කරන වෙලාවක් නොවේ දෙගොල්ලම  එකතුවෙලා විසඳුමක් සෙවිය යුතුයි. මෙය සංකීර්ණ ප්‍රශ්නයක්. මේවාට දැනුමක් තියෙන අය පත් කරන්න ඕන.

හැම මුස්ලිම් ජාතිකයකුම ත්‍රස්තවාදියකු නොවේ. නිහඬව ඉන්නේ කාහරි දේශපාලන වාසියක් කරන්නද ?. රටේ  කලබල ඇති කරන්නේ නැතිව දේශපාලන වාසි ගන්නේ නැතිව අපට සහයෝගය 
ලබාදෙන්න. රට ආරක්ෂා කරගන්න කටයුතු කරමු. රටේ සියලු ජාතින් ආරක්ෂ කළ යුතුයි. සියලු ජාතීන් ආරක්ෂා  කරගැනීමේ වගකීමක් අපට තිබෙනවා. රට නැවත වරක් සාමකාමි රටක් කරන්න සැමගේ සහයෝගය අවශ්‍යයි...‘ැ‘ි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.