‘‘බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට පෙර සුළු සිද්ධීන් වලට අත්අඩංගුවට ගත් අය‘‘ - රුවන්


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පිරිස මීට පෙර ලංකාව තුළ සිදුවූ සුළු සිද්ධීන් වලට අත්අඩංගුවට ගත් අය බව අමාත්‍ය රුවන් විජේවර්ධන අද (24) විදෙස් මාධ්‍යවේදීන් සමග පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළ බව CNN පුවත් සේවය වාර්තා කර ඇත. 


‘‘මේ සිද්ධියට සම්බන්ධ සමහර පිරිස් මීට පෙර සුළු සිද්ධීන් වලට අත්අඩංගුවට ගෙන තිබුණත් මේ තරම් ව්‍යසනයක් සිදුවෙනු ඇති බව හිතුවේ නැහැ‘‘ යනුවෙන් පැවසූ බව වැඩිදුරටත් දක්වා ඇත.