‘‘ප්‍රහාරය සිදුකළ අය අතර කාන්තාවක්, තවුහිද් ජමාද් මෙයට සම්බන්ධ නෑ‘‘ - රුවන්


පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට කාන්තාවක් සම්බන්ධ බව අමාත්‍ය රුවන් විජේවර්ධන අද (24) විදෙස් මාධ්‍යවේදීන් අමතමින් අනාවරණය කර සිටියේය. එමෙන්ම, ඊයේ අනාවරණය වූ කරුණු අනුව තවුහිද් ජමාද් සංවිධානය මෙයට සම්බන්ධ නැති බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටි අතර ප්‍රහාරයට සම්බන්ධ පිරිස විදෙස් රටවල උගත්, ධනවත් පවුල් පසුබිමක් තිබෙන අය බවද පැවසුවේය. 

බුද්ධි අංශ දත්ත අනුව නවසීලන්තයේ ක්‍රිස්ට් චර්ච් හි බෝම්බ පිපිරීමට පළිගැනීමක් ලෙස මෙය සිදුකළ බව මාධ්‍ය වේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මේ වනවිට 359 දෙනෙකු බෝම්බ ප්‍රහාර වලින් මියගොස් ඇති බවත් ත්‍රස්ත ක්‍රියාවලට සැකපිට 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය. 











 සබැඳි පුවත් 

‘‘ලංකාවේ බෝම්බ ප්‍රහාරය කිසිදු බුද්ධි තොරතුරක් අප සතුව තිබුණේ නැහැ‘‘ - ජසින්ඩා


ලංකාවේ ප්‍රහාර දියත් කළ අයුරු ගැන IS හෙළිදරව් කරයි