‘‘විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි‘‘ - පාඨලී


විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතු බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ, 

‘‘එල්. ටී. ටී. ඊ එක බිහිවීමට අරමුණක් තිබුණා. මේ අයි එස් ත්‍රස්තවාදය අරමුණ උපරිම විනාශය මේ ලෝකයට ගෙන ඒමයි. එය අවබෝධ කර ගෙන කටයුතු කළ යුතුයි. සමූල ඝාතනය කරනවා නම්, ඒ සඳහා අනිවර්යෙන් ම මැදිගත් විය යුතුයි. මෙය ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. එයට ඒ ආකාරයේ ආරක්ෂක විධිවිධානවලින් මුහුණ දිය යුතුයි.

විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මේ අයට ධනය ආයුධ එන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි. පුද්ගලයින් මේ රටට පැමිණීම ගැන විමසිලිමත් විය යුතුයි. අද තියෙන්නේ BMW වලින් ඇවිත් හෝටල් පුපුරුවන තත්ත්වයක්. මෙය පරාජය කිරීමට සියලු දේශපාලන බලවේග එකට එකතු විය යුතු‘‘ බවයි.