‘‘මාධ්‍යවේදීන් වගකීමෙන් කටයුතු කළා‘‘ - මංගල


පසුගියදා ඇතිවූ ව්‍යසන අවස්ථාවේදී මාධ්‍යවේදීන් වගකීමෙන් කටයුතු කළ බවත් අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් පිවිසිය යුතු බවත් අමාත්‍ය මංගල සමරවීර අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 

''මෙය අපේ ජාතිය දීප්තිමත් අනාගයක් ලෙස වැඩකරමින් සිටියේ අපි වඩා කම්පනයට ලක් වී සිටින අවස්ථාවක්. මගේ ශෝකය ප්‍රකාශ කරනවා.මෙය කෲර ක්‍රියාව සිදු කර තිබෙන්නේ අන්තවාදීන් විසින්.සියලු දෙනාම මෙහිදී අප වෙන් කරන්න හදන අය පරාජය කළ යුතුයි. මෙය ඉතාම දුක්ඛදායක අවස්ථාවක්. නිර්භීත පොලිස් නිලධාරීන් අපරාධ වැළැක්වීමට ඔවුන් පරාජය කරන්න  කටයුතු කළා. සෞඛ්‍ය සේවකයින් අනපේක්ෂිත අවස්ථාවේ සේවය ලබාදුන්නා.

පුවත්පත් කලාවේදීන් මාධ්‍යවේදීන් වගකීමෙන් කටයුතු කළා. කැළඹීම් ඇතිවන ආකාරයට වාර්තා කළේ නෑ. බොහෝ දෙනෙක් ඔවුන්ගේ රුධිරය ලබාදීමට කටයුතු කළා. අපේ පුරවැසියෝ මොහොතකටවත් පසුබට වුණේ  නෑ.

එකිනෙකාට ඇඟිල්ල දිගු කරගැනීමට මෙය අවස්ථාවක් නොවේ .මේක අවස්ථාවක් කරගන්නට ඕන, අපි  වගකීමෙන් කටයුතු කර ගැනීම වැදගත් වෙනවා.අන්තවාදී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රවේශමෙන් ප්‍රවේශ විය යුතුයි. දැන් අපට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයක්ට මුහුණ දෙන්න වෙලා. අපි අප ගැනම සොයා බැලිය යුතුයි. සෑම  කෙනෙක් ම වගකීමෙන් ම කටයුතු කළ යුතු වෙනවා'' යන්නයි.