‘‘පොලිස්පති හා ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න‘‘ - විජේදාස


මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ඒ ගැන නිසි තොරතුරු නොදීම සම්බන්ධව පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතු බැවින් ඔවුන් දෙදෙනාම වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපති වෙත ලිපියක් යොමුකර ඇත. 

මෙහි වැඩිදුරටත් දක්වා තිබෙන්නේ, පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා යන දෙදෙනාම දණ්ඩ නීති සංග්‍රහයේ 206 හා 297 වගන්ති සමග කියවිය යුතු අපරාධ නඩු විධාන සංග්‍රහයට යටතේ 21 වන වගන්තිය යටතේ සාපරාධී අපරාධයක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට නීතිමය පියවර ගත යුතු බවයි. 

අදාළ නිවේදනය,