මාධ්‍ය නිදහස් දර්ශකයෙන් ලංකාව ඉදිරියට


Reporters without Boarders - 2019  අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් 126 වැනි ස්ථානයට පැමිණිමට ශ්‍රී ලංකාව මේ වසරේදී සමත් වී තිබේ. 

නෝර්වේ මේ දර්ශකයේ ඉදිරියෙන්ම පසුවන රට වී තිබෙන අතර  ලෝකයේ මාධ්‍ය නිදහස අවම රට බවට පත්ව තිබෙන්නේ ටර්කිමේනිස්තානය  යි. 



දකුණු ආසියානු රටවලින් බංග්ලාදේශය - 150, පාකිස්ථානය 142, ඉන්දියාව -140, ඇෆ්ගනිස්ථානය 121, නේපාලය 106,  මාලදිවයින 98, භූතානය - 80 යන ස්ථානයන්හි පසුවෙයි.

2018 වසරේදී මෙරට 131 වැනි ස්ථානයේ පසුවූ අතර 2017 වසරේදී ශ්‍රී ලංකාව එම දර්ශකයේ 141ක් වැනි ස්ථානයේ පසුවිය.