ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පෑ කළු පටි බැඳ ක්‍රීඩා කළ විදූෂා ජයගනී


දෝහා කටාර් හි පැවැත්වෙන 23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ විදූෂා ලක්ෂානි සමත් වූවාය. 

මීටර් 13.53 ක දක්ෂතාවක් දක්වමින් විදූෂා ලෝකඩ පදක්කම දිනා ගත්තේ දකුණු ආසියානු පදක්කමකට පසුව දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම ලෙසයි. මෙවර තරගාවලියෙන් ශ්‍රී ලංකාවට හිමි වූ පළමු පදක්කම මෙයයි. 

පසුගිය පාස්කු ඉරිදා දින සිදුකළ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් සිය ප්‍රදේශයේ හිතවතුන් විශාල පිරිසකට ජීවිත අහිමිවී ඇති බවත් එයට ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස පදක්කම ලබාගන්නා අවස්ථාවේ කළු පටියක් පැළඳ ඔවුන්ගේ ශෝකයට එක්වූ බවත් විදූෂා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.



පදක්කම ලබාගනිමින් අනතුරුව


 






ඡායාරූප හා වීඩියෝ - Ceylon Athletics