මෙරට සිදුවූ ඛේදවාචකය ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් සිය කණගාටුව පළකරයි

ඇමරිකානු රාජ්‍ය ලේකම් මෙරට සිදුවූ ඛේදවාචකය ගැන අද (22) දින සිය කණගාටුව පළකර සිටියේය. 

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, 

‘‘සිය සහෝදර ජනතාවගේ ආගමික නිදහස වෙනුවෙන් නැගී සිටි මිලියන ගණනක් වූ ශ්‍රී ලාංකිකයින් සමග අප අත්වැල් බැඳගන්නවා. ආගමික විශ්වාසයන්ට ගරු කිරීමෙන් තොරව මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුකිරීම අප හෙළා දකින අතර ඔබ සමග ඇමරිකානු ජනතාව ද ඒ දුක බෙදාගන්නවා‘‘ යන්නයි.