‘‘පිපිරීම් ගැන හොයන්න ආරක්ෂක අංශ කඩිනමින් යොදවා තිබෙනවා‘‘ - ජනපති


අද (21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීමට ආරක්ෂක අංශ වලට උපදෙස් ලබාදී ඇති බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි. 

මෙම ඛේදවාචයක ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බවත් ලක්වැසි සියලු ජනතාව මේ සිදුවීම් හේතුවෙන් දැඩි සේ වේදනාවට පත්ව ඇති බව ද ජනපතිතුමා වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ සිදුවීම් පිළිබඳ වු කුමන්ත්‍රණය ගැන සොයා ගැනීම සඳහා මේ වන විටත් සියලු ආරක්ෂක අංශ උපදෙස් ලබා ගෙන කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සඳහා සියලු ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටින බව ද පැවසු ජනාධිපතිවරයා සියලු දෙනාට සන්සුන්ව කටයුතු කරන ලෙස  පවසා සිටියේය.

කටකතා සහ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, මෙයට රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද සඳහන් කළේය.