ඩ්‍රෝන යානා ඇතුලු නියමුවන් රහිත යානා ගුවන්ගත කිරීම අත්හිටුවයි


රට තුළ උද්ගත වි පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩ්‍රෝන යානා ඇතුලු සියලුම මාදිලියේ 
නියමුවන් රහිත ගුවන් යානා ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශය තුළ ගුවන්ගත කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය අද (25) නිවේදනය කර ඇත. 

මේ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් දැනටමත් නිකුත් කර ඇති සියලුම අවසර පත්‍ර ද වහාම  ක්‍රියාත්මක වන පරිදි අවලංගු වන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත. 

නැවත දන්වන තුරු කිසිම පුද්ගලයෙකු විසින් ඩ්‍රෝන යානා ඇතුලු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද දක්වයි.